අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත
- News Room
- Apr 22
- 1 min read

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය පවසයි.
රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.
නුවරඑළිය පොලිසිය සඳහන් කළේ, සැකකරු පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වාර්තා වී ඇති බවය.
එහිදී ඔහු සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට ලද පැමිණිල්ලක් අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. තවද, සැකකරු සතුව තිබූ ගිනි අවිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බව ද පොලීසිය අනාවරණය කරයි.




Comments