top of page

අද සිට ලබාගත හැකි රු.3000ක වැඩිහිටි දීමනාව



අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අද සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව අදාළ පුද්ගලයින්ට එම ගිණුම්වලින් ලබාගත හැකියි. අස්වැසුම ප්‍රතිලාභී නොවන අවුරුදු 70 ට වැඩි දැනටමත් එම දීමනාව ලබන අනිකුත් වැඩිහිටියන් සදහා එම දීමනාව පැවති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මගින් ලබාගත හැකියි.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් පන් ලක්ෂ 11, 086 දෙනෙකු සදහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලබනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page