අධිකරණ - බන්ධනාගාර අමාත්‍ය ධුරය ජනාධිපති යටතට
- News Room
- Aug 8, 2024
- 1 min read
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. 2396/27 දරණ අංකය යටතේයි මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

Comments