top of page

අධිවේගී මාර්ගවල කාඩ්පත් හා QR මගින් ගෙවීමේ පහසුකම්



අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ හැකියාව ලබාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතිය හරහා QR වලට අමතරව Debit සහ Credit කාඩ්පත් මඟින්ද අධිවේගී මාර්ගවල ගමන් කරන පිරිස් වෙත මුදල් ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page