ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.
අනුර විදානගමගේ මහතා දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ මහතා පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.
නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ මහතා පත්කර තිබේ.
Comments