top of page

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගඅරින ජොන්ස්ටන්

News Room


හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් භාවිත කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනාවකටයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා. එමෙන්ම, හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද කුරුණෑගල පොලිසිය දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, මේ වනතෙක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නොමැත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page