top of page

අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා



ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා (1) සිදුකිරීමට නියමිතව ඇත. කලක් රෝගාතුරුව සිටි ඒ මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත විය. මියයන විට 65වන වියේ පසුවිය.

එක්දරු පියෙකුවන වසන්ත විට්ටච්චි, 1978 වසරේදී 'අත් 'වේදිකා නාට්‍යයෙන් කලා ක්ෂේත්‍රයට පිවිස ඇත. විට්ටච්චි මහතාගේ දේහය අද (27) ඔහු පදිංචිව සිටි අංක 488/A, පොල්පිතිමූකලාන, කඳාන යන ලිපිනයේ ඇති ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතව තිබේ. අවසන් කටයුතු අනිද්දා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page