top of page

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු


ree

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත්කර ඇති අතර ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් පත්කර තිබෙනවා.


ree

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page