top of page

අම්බලන්ගොඩ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවනේගේ යතුරු පැදිය සොයාගැනේ



ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 46 හැවිරිදි අඹුසැමි යුවලක් ඊයේ (10) දහවල් ඌරාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ අසල්වැසියන්ට එරෙහිව ඔවුන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඉවත් කරගැනීමට පොලිස් ස්ථානයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදීයි.

ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්. මියගිය අඹු සැමි යුවලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.එමෙන්ම අදාළ කාන්තාවගේ සොහොයුරාදා මීට මාස කිහිපයකට ඉහතදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page