top of page

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ree

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට ඊයේ (14) අත්සන් තැබුණා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් ටේ‍රන්ටන් ගිබ්සන් සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා එම ගිවිසුමට අත්සන් කරනු ලැබුවා.

මෙම අවබෝධතා ගිවිසුම මගින් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page