top of page

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවට


ree

පැලෑන, වැලිගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මිදිගම,ඉබ්බාවල ප්‍රදේශයේදී පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගේ යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 838ක් සොයාගත් බව පොලීසිය පැවසීය.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙක් පළාගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මිදිගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page