අළු බදාදා දිනය අදයි
- News Room
- Feb 18
- 1 min read

අළු බදාදා දිනය අදට (18) යෙදී තිබෙනවා.
ඒ අනුව "දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය" යන දේව ප්‍රකාශය සිහිපත් කරමින් කිතුනු බැතිමතුන් මෙම දිනය සමරනවා. අළු බදාදා සමරමින් දිවයින පුරා කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ පිළිවෙතක් ලෙස බැතිමතුන්ගේ නළලට අළු තැවරීම සිදු කරනවා. ඊට සමගාමීව, කිතුනුවන් විසින් ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ නැවත උත්ථානය සිහිපත් කරමින් අනුස්මරණය කරන ආගමික සමය වන චතාරික සමය ද අද දිනයෙන් ආරම්භ වනවා.




Comments