ඇල්බේනියාවට ටික්ටොක් තහනමක්
- News Room
- Dec 22, 2024
- 1 min read

TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය.
ඇල්බේනියාවේ මෙම TikTok තහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් හේතුවෙන් බව වාර්තා වෙයි. අදාළ පිහි අනුම් සිද්ධ්යෙන් 14 හැවිරිදි සිසුවා මියගොස් තිබුණි. කෙසේ වෙතත් යෝජිත TikTok තහනම පිළිබඳව ඇල්බේනියානු රජයෙන් හදිසි පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බව TikTok ආයතනය පැවසීය. TikTok ආයතනය පවසන්නේ ඝාතනය වූ 14 හැවිරිදි පාසල් සිසුවාට හෝ පිහියෙන් ඇන ඇතැයි කියන පුද්ගලයාට TikTok ගිණුම් තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවය.
Comments