ඉතාලියෙන් ආ කෝටි 21ක හෂීෂ් තෑග්ග
- News Room
- Aug 24, 2024
- 1 min read

ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ෂන ඒකකය සමත් වූ බව රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 212 ක් හෙවත් රුපියල් කෝටි 21 කට අධික බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය මතුගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ බවත් ඒ මහතා කීය.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවෙක් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදුන් බව ද රේගු මාත ප්‍රකාශකවරයා කීය.






Comments