top of page

ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි නායයෑමක්; දෙදෙනෙක් ජීවිතක්ෂයට

ree

ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු අතුරුදන්ව තිබේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දුනීසියාවට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව සඳහන් වේ. එමෙන්ම ආපදාවලට ලක්වු පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද ආපදා කළමණාකරණ අංශ කටයුතු කර ඇත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page