ඉන්දියාවේ ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමකින් කැරලිකරුවන් 10ක් මරුට
- News Room
- Nov 12, 2024
- 1 min read

පොලීසිය සමග හටගත් ගැටුමකින් ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ දී කුකී කැරලිකරුවන් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගැටුමෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බළකායේ සෙබලෙකු තුවාල ලබා ඇති බවය.
මනිපූර්හි, ජිරිබාම් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට කැරලිකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ. මෙම ගැටුමෙන් අනතුරුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඒ.කේ 47 වර්ගයේ ගිනිඅවි කිහිපයක් සහ ආර්.පී.ජී අවියක් ද සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Comments