ඉන්දියාවේ Nipah වෛරසය හේතුවෙන් දෙවන මරණයත් සිදුවෙයි
- News Room
- Sep 17, 2024
- 1 min read

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු Nipah වෛරසයෙන් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර සිටිනවා. ජුලි මාසයෙන් පසු කේරළයේ නිපා රෝගයෙන් සිදුවූ දෙවන මරණය මෙයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Nipah ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ එයට වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව නිසයි. ආසාදනය වැලැක්වීමට එන්නතක් නොමැති අතර එය සුව කිරීමට ප්‍රතිකාර මෙතෙක් සොයාගෙන නැහැ.
වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් එන Nipah, මිනිසුන්ට මාරාන්තික, මොළයේ ඉදිමීම් උණ ඇති කරනු ලබයි. මෙම සිසුවා සැප්තැම්බර් 4 වන දින උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගෙන දින පහකට පසු මිය ගිය බවයි උතුරු කේරලයේ පිහිටි මලප්පුරම් නගරයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ආර්. රේණුකා පවසා සිටියේ.
පූනේහි ජාතික වෛරස් විද්‍යා ආයතනයට යවා ඇති සිසුවාගේ රුධිර සාම්පලයක් පරීක්‍ෂා කිරීමෙන් සැප්තැම්බර් 9 වැනිදා නිපා ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි වාර්තා වෙන්නේ. ජූලි මාසයේදී 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගිය පසු මේ වසරේ මලප්පුරම් ප්‍රදේශයේ නිපා ආසාදනයෙන් සිදුවූ දෙවන මරණය මෙයයි.
Comments