ඉරනා යුද්ධයෙන් මේ දක්වා ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,186
- News Room
- Mar 20
- 1 min read

පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයින් 3,186 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාව පදනම් කරගත් 'මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය' (Hrana) සිය නවතම වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා.
බීබීසී පුවත් සේවය සඳහන් කරන පරිදි එම වාර්තාවට අනුව, මියගිය පිරිස අතර සිවිල් වැසියන් 1,394 දෙනෙකු සිටින අතර, ඒ අතර අවම වශයෙන් ළමුන් 210 දෙනෙකු වන බව Hrana ආයතනය සඳහන් කරනවා.
මීට අමතරව, මරණ 1,153ක් හමුදා මරණ ලෙස වර්ගීකරණය කර ඇති අතර, තවත් මරණ 639ක් කුමන ගණයට අයත් වේදැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත.




Comments