ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් ඉලක්ක කර යළිත් ප්‍රහාර
- News Room
- Mar 21
- 1 min read

ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් (Natanz) පරිශ්‍රය ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය ප්‍රකාශ කළේ, මෙය න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරන අතර, ප්‍රහාරයෙන් පසුව සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලට අනුව විකිරණ කාන්දුවක් හෝ පාරිසරික හානියක් සිදුව නොමැති බව තහවුරු වී තිබෙනවා.




Comments