top of page

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ 20ක් මියයයි


ree

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ මධ්‍යම බේරූට් ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර, නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් හතර දෙනෙකු ඇතුළු තවත් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මධ්‍යම බේරූට් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට ගලවා ගැනීම් කණ්ඩායම් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව ද විදෙස් වාර්තා සදහන් කළා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page