top of page

ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කරයි



මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන් විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමත් සමගය. අද (19) සටන් විරාමය ආරම්භ වීමට නියමිතව පැවති නමුත් එය පැය 3ක් පමණ ප්‍රමාද වී තිබුණි. ඒ, සටන්විරාම එකඟතාව යටතේ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමට ප්‍රමාද වු බැවිනි. ඒ අනුව, ඊශ්‍රායලය පවසා ඇත්තේ සටන්විරාමය ක්‍රියාත්මක නොකරන බවය.

සටන්විරාම ගිවිසුම අනුව සිරකරුවන් හුවමාරුවට පැය 24කට පෙර හමාස් සංවිධානය එම ලැයිස්තුව නිකුත් කිරීමට නියමිතව පැවතියාය. කෙසේ වුවද හමාස් සංවිධානය පවසා ඇත්තේ එය ප්‍රමාද වුයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බැවිනි. 

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page