top of page

උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය අද සිට යළි අරඹයි



උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් පවසනවා. ඒ අනුව ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුවක් හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අවලංගු කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා. ඒ අනුව රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම වාර විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page