උසස් පෙළ විභාගය තවත් දින 3කින් කල් යයි
- News Room
- Nov 28, 2024
- 1 min read

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව දින 03කින් කල් ගිය උසස්පෙළ විභාගය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තවත් දින 03කින් කල් යන බවයි ඔහු පවසා සිටියේ. උසස් පෙළ විභාගය 26 වැනිදා සිට 29 වැනිදා නොපැවැත්වෙන බවයි මීට පෙර දැනුම්දී තිබුණේ.
ඒ අනුව දින 06ක නිවාඩු කාලයකින් පසු දෙසැම්බර් 04 වැනි බදාදා නැවත උසස් පෙළ විභාගය ආරම්භවනු ඇති.
Comments