top of page

එන්නතක් හේතුවෙන් සරසවි සිසුන් 7ක් රෝහලේ



ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසු සිසුවියන් 07 දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06 කු සහ එක් සිසුවකු හදිසි අසනිප තත්ත්වයකට ලක්ව අද (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරුකර යවා ඇති බව සමනල වැව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාලයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස දෙකක් පමණ කල් ඉකුත් වී ඇති එන්නත් අද (17) දා දහවල් ලබා දිම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති වී තිබෙන බවට වාර්තා විය.

බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලිම සදහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැමිණ අතර ඒ මහාතාගෙන් මේ සම්බන්දයෙන් කළ විමසිමකදි මෙසේ පැවැසුවේ - ඇති වී තිබෙන සිද්ධිය සම්බන්දයෙන් විශ්වවිද්‍යාලය තුලින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page