top of page

ඔන්ලයින් වීසා ගැටලුවෙන් ගුවන්තොටුපොලේ පෝලිම්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (Online Visa ) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රමිකව ඇති වෙමින් පවතී.



ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 08.02 දින නිකුත් කළ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් වී.එෆ්.එස්.ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස ද නියෝග නිකුත් කර තිබුණි.එහෙත් රජය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දක්වා පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි මාර්ගගත ක්‍රමයට වීසා ( Online Visa ) නිකුත් කිරීම ආරම්භ කර නොමැති නිසා මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ( On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති වී තිබේ.මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඇණ හිටි අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලුම දෙනාට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා (ON Arrivel Visa ) ලබා  ගැනීම එකම විසදුම බවට පත් වී තිබේ.මෙම අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක සමය ආරම්භ වීම හේතුවෙන් විශාල වශයෙන් විදේශීය සංචාරකයන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.ඔවුන් සහ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා එකවර, විශාල සංඛ්‍යාවක් පැමිණෙන අවස්ථාව වලදී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ( On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති වීම නිරන්තරයෙන් ඇති වීම නිසා විදේශීය සංචාරකයන් මහත් අපහසුතාවයට ලක් වී තිබේ'

0 views0 comments

Comments


vishvavahini-logo_high_res-005-3.png
  • Facebook
  • Youtube
bottom of page