top of page

ඕස්ට්‍රේලියාවේ තෙල් පිරිපහදුවක ගින්නක්

ඕස්ට්‍රේලියාවේ පවතින තෙල් පිරිපහදු දෙකෙන් එකක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න හේතුවෙන් ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ එරට පෙට්‍රල් සැපයුම පිළිබඳ බිය තවදුරටත් උග්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊයේ (15) මධ්‍යම රාත්‍රියට ආසන්නව, මෙල්බර්න් නුවරට නිරිත දෙසින් පිහිටි ජීලෝන්ග් (Geelong) හි පිහිටි විවා (Viva) සමාගමට අයත් කෝරියෝ (Corio) තෙල් පිරිපහදුවේ පිපිරීම් සහ ගිනිදැල් පිළිබඳ වාර්තා වීමත් සමග හදිසි සහන සේවා කණ්ඩායම් ඒ වෙත ගොස් තිබෙනවා.

මෙම පිරිපහදුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 50ක් සහ සමස්ත රටේ අවශ්‍යතාවයෙන් සියයට 10ක් නිපදවනු ලබන බව සඳහන්.

මෙයින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති වුවද, ගින්න තවදුරටත් ඇවිලෙමින් පවතින අතර ප්‍රදේශයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳව ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page