top of page

කන්කසන්තුරේ මුහුදු තීරයේදී කිලෝ 322 ක කේරළ ගංජා තොගයක් සොයා ගැනේ



කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අවුරුදු 22, 39 හා 49 යන වයස්වල පසුවන, සක්කෝට්ටේ සහ ඇන්ටනීපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඩින්ගි බෝට්ටු දෙකක් පරික්ෂා කිරීමේ දී, පාර්සල් 147 ක තිබී කිලෝග්‍රෑම් 322 කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page