top of page

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනයට අවසර



කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා. කුකුලන්ගේ ඔලු සහ සහ කකුල් චීනයට යැවීමට සඳහා අවසර ලබාදෙන ලෙස ව්‍යාපාරිකයන් විසින් ඉල්ලුම් කර තිබූ බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව පසුගිය චීන සංචාරයේදී ඒ සඳහා අවසර ලබා ගැනීමට සමත් වූ බවත් දැන් ව්‍යාපාරිකයින්ට එම කටයුතු සිදු කළ හැකි බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ. 

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page