ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
- News Room
- Aug 28, 2024
- 1 min read

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත් අඩංගුවට ගත් 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දින 90 ක කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (28) දැනුම් දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව සංශෝධිත පනත ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා මෙම අනුමැතිය ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ප්‍රකාශ කළේය.එසේම ඔහුට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් දෙදෙනාද රඳවාගෙන ප්‍රශ්න කරන බවද ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැසුවේය.
ความคิดเห็น