ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට
- News Room
- Aug 29, 2024
- 1 min read

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බව පැවසෙන අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයක් වන අමල් සිල්වා බවයි වාර්තා වෙන්නේ.
පසුගිය ජූලි මස 08 වැනි දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ඝාතනයට ලක්ව තිබුණි.
අදාළ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ නයන වාසල නම් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
ඒ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ, ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු ද විය.
මේ අතර එම ඝාතනයට පැමිණි දෙවැනි වෙඩික්කරුවා සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ බවට සැළකෙන රියදුරාව ඊයේ (28) පානදුර පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වූ පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.






Comments