කාලය අවසන්; ඉරාන විදුලි බලාගාර - පාලම් විනාශ කරනවා
- News Room
- Apr 7
- 1 min read

තමන් සමග ගිවිසුමක් ඇති කර නොගතහොත් අද රාත්‍රි 08 වන විට ඉරානයේ සියලු විදුලි බලාගාර සහ මගී පාලම් විනාශ කිරීමට තමන් නියෝග නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ රාත්‍රියේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ජාවකදී ට්‍රම්ප් මේ බව කියා සිටියා.
ඉරානය විසින් දින 07 ක කාලයක් කල් ඉල්ලු නමුත් තමන් ඔවුන්ට පළමුව දින 10 ක් කල් ලබා දුන් බවත්, ගිවිසුමක් සඳහා එළඹීමට අද වන විට තවත් අමතර දින දෙකක් ඉරානයට කාලය ලබාදී ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.




Comments