කෙහෙළියගේ නමින් තිබූ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කරයි
- News Room
- Oct 17, 2024
- 1 min read

මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාව ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුගිය වකවානුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව රැසක් යෝජනා කර තිබුණා.






Comments