කෙහෙළිය දේශපාලනයෙන් තාවකාලිකව සමුගනී
- News Room
- Oct 14, 2024
- 1 min read

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබෙනවා. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවත් තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීම නිවේදනය කළත්, තමන්ට මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Comments