top of page

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා රිමාන්ඩ්



කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2023 අගෝස්තු මාසයේ දී එම කොට්ඨාසය හමුවට පැමිණි පැමිණිල්ලක දී පැමිණිලි පාර්ශ්වයට වාසි වන අයුරින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් මත නෙවිල් සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශනවලදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා විසින් පැහැරගෙන යෑමේ සහ අයුතු සිර කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට තහවුරු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page