top of page

කොළඹ කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්



අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා විය. ඒකක 16,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම ඒ අනුව විශේෂ සිදුවීමකි. රු. බිලියන 8.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය. අඛණ්ඩ දින 26ක වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පසුගිය සිකුරාදා (03) දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය 299.13ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page