top of page

කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා මියයයි


ree

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු පසුගිය 07 වැනිදා මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ නැමැති 38 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු කරමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page