top of page

ගිනිකෙළි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක්



මෙවර ජනාධිපතිවරණයට සමගාමීව ගිනිකෙළි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් තිබෙන බව වාර්තා වනවා.

රතිඤ්ඤා ඇතුලු ගිනිකෙළි නිෂ්පාදන සඳහා මෙසේ වැඩි ඉල්ලුමක් පවතින බවයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ. මැතිවරණ ප්‍රචාරක රැලි, රැස්වීම් සහ උත්සව හේතුවෙන් මල් වෙඩි වැනි ගිනිකෙළි නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි එම සංගමයේ සභාපතිවරයා මාධ්‍යට පවසා ඇත්තේ.

ඒ අනූව ඔහු පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී මේ සඳහා ඇති ඉල්ලුම තව දුරටත් ඉහළ යා හැකි බවයි. මේ ආකාරයට පවතින ඉල්ලුම සඳහා අවශ්‍ය නිෂ්පාදනය එම ආයතන විසින් සිදුකරන බවයි පැවසෙන්නේ.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page