ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්
- News Room
- Feb 25
- 1 min read

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල පවතින බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා.
ඒ අනුව අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය තුල හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි නවීන තාක්ෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති, මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ. පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලු ග්‍රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Comments