ගාල්ලේ දී සැක සහිත චීන ජාතිකයින් 3ක් අත්අඩංගුවට
- News Room
- Oct 26, 2024
- 1 min read

සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අවුරුදු 33, 38 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.මෙම චීන ජාතිකයන් හෝටලයේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවේ යෙදී සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකාර චීන ජාතිකයන් සන්තකයේ තිබී ජංගම දුරකථන පහක්, අයිතිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපතක්, බැංකු කාඩ් පත් හතරක්ද පොලිසිය භාරයට ගෙන ඇත.






Comments