චීන යුද නෞකා 03ක් කොළඹ වරායට
- News Room
- Aug 27, 2024
- 1 min read
මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් කොළඹ වරායට පැමිණ තිබේ.



අද (26) උදෑසන එලෙස පැමිණ තිබුණේ මහජන චීන විමුක්ති හමුදාවට අයත් “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව පවසයි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැවේ කාර්යය මණ්ඩලය 267ක ගෙන් සමන්විතය.
Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 872ක ගෙන් සමන්විතය.
Landing Platform Dock වර්ගයට අයත් “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 334 ක ගෙන් සමන්විත වෙයි.
එම නෞකා පුහුණු අභ්‍යාසයකින් අනතුරුව, නිල සංචාරය අවසන් කරමින් අගෝස්තු මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.




Comments