![](https://static.wixstatic.com/media/8b23a7_6beeafd44bf54ebea54f8cb9e70bb56a~mv2.jpg/v1/fill/w_980,h_691,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/8b23a7_6beeafd44bf54ebea54f8cb9e70bb56a~mv2.jpg)
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) සිය ඉන්දියානු නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා අද සිට ලබන 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වනවා. ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
Comments