top of page

ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට



ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වීමටද නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page