top of page

ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට බුහුමන් දක්වයි



චීන ජනාධිපති Xi Jinping ගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීමට එක්ව තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිගා කෞතුකාගාරය නැරඹීමට එක්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ හා සභාපති වූ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page