ජනපති රුව යොදා ව්‍යාජ රු. 5000සේ නෝට්ටුව හැදූ සැකකරු රිමාන්ඩ්
- News Room
- Nov 6, 2024
- 1 min read

ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු නොවැම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඉකුත් 04 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය, කොරතොට, අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙකි.
Comentários