top of page

ජනපති හා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක්



ජනාධිපති අනුර කුමාර දිසානායක හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පවත්වා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.


මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 




Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page