top of page

ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට මුදල් බෙදූ අයෙක් දැලේ



ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුදල් බෙදාදීමේ නිරත වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තම නිවස අවට පදිංචිකරුවන් වෙත රුපියල් 5000 බැගින් මුදල් බෙදාහැර ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයේ දී ඡන්දදායින් පෙළඹවීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සිදුකළ විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමේ අරමුණින් සැකකරු අදාළ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවය.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page