top of page
News Room

ජනාධිපති සහ ජුලී චන්ග් අතර හමුවක්



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද(01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.


2 views0 comments

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page