top of page

ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්



ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09-10 දින පවත්වා තිබුණි.

එහිදී මෙම දෙරට 2 - 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 - 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page