ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධූරය අත්හිටුවයි
- News Room
- Jan 11
- 1 min read

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්, මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන තිබෙනවා. මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින්, කාලයක සිට ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැය කරන බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමටයි පියවර ගෙන තිබෙන්නේ. ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ජාතික ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.






Comments