top of page

ට්‍රම්ප්ට නැවතත් ජීවිත තර්ජනයක්



ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන රැලියක් ආසන්නයේ නීතිවිරෝධී ලෙස තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලිෆෝනියාවේ සංවිධානය කර තිබු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන රැලියක් ආසන්නයේ එරට පොලීසිය විසින් ක්‍රියාත්මක ආරක්ෂක මුරපොළකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී නීතිවිරෝධි තුවක්කු දෙකක් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

49 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

Комментарии


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page